අපි කවුද

මධ්‍යම පාන්තික  ජනතා පක්ෂය යනු, සමස්ථ ශ්‍රී ලංකාවේම ජීවත් වන  මැද පන්තිය නියෝජනය කරන දේශපාලන පක්ෂයකි. අපි ජාතිය, ආගම, කුලය නොසලකා අපේ ජාතිකත්වය පමණක් සලකා රටක් හැටියට ඉදිරියට යාම පමණක් මුලික අරමුණ කරගෙන මෙම පක්ෂය ගොඩනගා ඇත. ලොව වටිනාම නිල් මැණික් ඇති පොළොවක් හිමි අපි, රට වට කර මත්ස්‍ය සම්පතක් ඇති මුහුදක් හිමි අපි, මහා ගංගාවන් හතරක් හතර කොනෙන් ගලා යන සශ්‍රික කෘෂි කාර්මික උරුමයකින් පොහොසත් රටක් ඇති අපි, වසර දෙදහසකට වඩා පැරණි සංස්කෘතික වටිනාකමක්  ඇති අපි, තවමත් අන් රටවලින් ණයට ගෙන ඔවුන්ගේ අතකොලු වෙමින් ජීවත් වෙනවාද? එසේ නැතිනම් එයින් මිදී, දියුණු රටක පුරවැසියන් ලෙස ලෝකය ඉදිරියේ අභිමානවත් ලෙස ජීවත් වෙනවාද? එසේ ජීවත් වීමේ අයිතිය ඔබෙන් ඉපදෙන ඔබේ දරුවාට ලබා දෙනවාද?  මේ ගැන සිතන්න, අපි වටා එක් වන්න,සාකච්ජා කරන්න, තීරණ ගන්න, වැඩ කරන්න-රට හදන්න දැන් කාලයඑළෙඹ ඇති බව අප ඔබට පුන පුනා කියන්නෙමු. අපි උපතින්ම ශ්‍රී ලාංකික පුරවැසියන් වූ බැවින්, අපි කරන කියන සියලු දේ සිදු වන්නේ අපගේ ජාතිකත්වය පදනම් කරගෙනය. එබැවින් අපි ජාතියක් වශයෙන් ඉදිරියට නොගියහොත්, අපිට සිදු වන්නේ ලෝකය ඉදිරියේ දුප්පත් රටක් ලෙස හංවඩු ගැසී සිටීමටය. එසේම අපි, අපේ රට කලින් කලට පාලනය කරන දේශපාලකයන්ගේ ගොදුරු බවට පත්ව සිටිති. මේදෙය වහා තේරුම් ගෙන පක්ෂ,පාට,භේද,නොසලකා අපි ගෙන යන මෙම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට ඔබගේ දායකත්වය අපිට ලබා දෙන්න. ඔබ අප සමග එක් වීමෙන්, ඔබගේ දෛනික ජීවිතයේ පැන නගින බොහෝ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට හැකි වනු ඇත. ඒ මන්ද යත්, අපි හැදෙමු යන තේමාව යටතේ පළමුවෙන්ම මම හැදෙමි යන අධිෂ්ඨානය ඔබ සිත තුල වර්ධනය කර ගත යුතුය. එමගින් ඔබත් දිනා රටත් දිනවිය හැකිය. 
 
 
 
අපගේ ගොවි පදනම” මගින් ගෙන ගිය ගොවි පවුල් නගා සිටුවීමේ වැඩ පිළිවෙල දියත් කිරීමේදී ලබාගත් ස්වකීය අත්දැකීම් මුල්ක රගෙන,මධ්‍යම පාන්තික ජනතා පක්ෂය 2015 ක් වූ මාර්තු මස 25 වැනි දින මෙහි දැනට සිටින කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මුලිකත්වයෙන් බිහි විය. ඒ අනුව සෑම මාස හතරකට වරක්  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්  වූ අතර, සෑම අවුරුද්දකට වරක් මහා සභා රැස්වීම සිදු විය. 2019-03-25 වන දිනට මෙම පක්ෂයේ සාමාජික සාමාජිකයින් ගණන එක්දහස් දෙසීය පනස් දෙකක් වූ අතර දිනෙන් දින අප පක්ෂයේ දැක්ම තේරුම් ගන්නා මැද පන්තියේ ජනතාව අපිට එකතු වන්නට මැලි නොවෙති. ඔබ අපට සම්බන්ධ වීමේදී ඔබ විසින් කිසිදු සාමාජික ගාස්තුවක් හෝ වෙන යම් කිසිදු මුදලක් ගෙවීමට නොමැත. ඔබ කල යුත්තේ ඔබගේ අනන්‍යතාවය තහවුරු කර අපගේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව සාමාජිකත්වය ලබා ගැනීමය. එමගින් ඔබ MCPP පවුලේ සාමාජිකයෙකු වනු ඇත.

පෙළ ගැසෙමු

සාකච්ජා
කරමු 

 තීරණ ගනිමු

 වැඩ කරමු රට හදමු