top of page

අපි ගැන

 

මධ්‍යම පාන්තික  ජනතා පක්ෂය යනු, සමස්ථ ශ්‍රී ලංකාවේම ජීවත් වන  මැද පන්තිය නියෝජනය කරන දේශපාලන පක්ෂයකි. අපි ජාතිය, ආගම, කුලය නොසලකා අපේ ජාතිකත්වය පමණක් සලකා රටක් හැටියට ඉදිරියට යාම පමණක් මුලික අරමුණ කරගෙන මෙම පක්ෂය ගොඩනගා ඇත. ලොව වටිනාම නිල් මැණික් ඇති පොළොවක් හිමි අපි, රට වට කර මසුන් සම්පත ඇති මුහුදක් හිමි අපි, මහා ගංගාවන් හතරක් හතර කොනෙන් ගලා යන සශ්‍රික කෘෂි කාර්මික උරුමයකින් පොහොසත් රටක් ඇති අපි, වසර දෙදහසකට වඩා පැරණි සංස්කෘතික වටිනාකමක් ඇති අපි, තවමත් අන් රටවලින් ණයට ගෙන ඔවුන්ගේ අතකොලු වෙමින් ජීවත් වෙනවාද? එසේ නැතිනම් එයින් මිදී, දියුණු රටක පුරවැසියන් ලෙස ලෝකය ඉදිරියේ අභිමානවත් ලෙස ජීවත් වෙනවාද?එසේ ජීවත් වීමේ අයිතිය ඔබෙන් ඉපදෙන ඔබේ දරුවාට ලබා දෙනවාද?  මේ ගැන සිතන්න, අපි වටා එක් වන්න, සාකච්ජා කරන්න, තීරණ ගන්න, වැඩ කරන්න-රට හදන්න දැන් කාලය එළෙඹ ඇති බව අප ඔබට පුන පුනා කියන්නෙමු.

අපි තව දුරටත් 

ඔබ ඔබගේ මුලික අවශ්‍යතාවයන් වන, අහාර පාන, නිවාස, වස්ත්‍ර යන අවශ්‍යතාවයන් තුන සම්පුර්ණ කර ගැනීම සඳහා කොතරම් වෙහෙසක් දරනවා ඇතිද? එසේම මෙම මුලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට ඔබට මෙතරම් වෙහෙසක් දැරීමට සිදු වන්නේ, අපේ රට ඍණ ආර්ථිකයක ඇති නිසා බව ඔබ දන්නවාද? 

එසේනම් ඔබ මේ ගැන නොසිතා සිටීමෙන් සිදු වන්නේ, ඔබගේ එම අසීරුතාවය එන්න එන්නම වැඩි වෙනවා මිස අඩු වීම නොවේ. මේ සුන්දර සහ වාසනාවන්ත දිවයිනේ වටිනාකම දැන දැනත්, සමහර විට ඔබ වෙනත් දියුණු රටක පදිංචියට යාමට සිතයි. එසේ නොමැතිනම් ඔබගේ ආදරණීය බිරිඳ වෙනත් රටක වහල් සේවයට යැවීමට සිතයි. නමුත් ඔබට එයින් මෙම ප්‍රශ්නයට හරි විසඳුමක් නොලැබෙන අතර ඔබ මෙම මහා ව්‍යවසනයට  හවුල් කාරයෙක් වෙනු ඇත. එබැවින් ජාති, ආගම්, කුල, කාන්තා, පුරුෂ යන භේද නොසලකා එක කණ්ඩායමක් ලෙසින් මෙම ව්‍යවසනයට මුහුණ දෙමු, පිළියම් සොයමු, ජය ගනිමු. එයයි අපේ අරමුණ ..... 

This site is not mobile responsive 

පෙළ ගැසෙමු

සාකච්ජා කරමු 

 තීරණ ගනිමු

 වැඩ කරමු-රට හදමු 

01- copy2.jpg
AGRI-SQNCE.Still059.jpg
IMG-20200605-WA0025.jpg
IMG-20200428-WA0009_edited.jpg
bottom of page